බෝම්බ ප්‍රහාර දෙකකින් 44ක් මරුට
සයුරෙන් එතෙර

බෝම්බ ප්‍රහාර දෙකකින් 44ක් මරුට

July 6, 2015   03:19 pm



මධ්‍යම නයිජිරියාවේ ජොස් නගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබේ.

ආපන ශාලාවක් සහ පල්ලියක් ප්‍රහාරකයන්ගේ ඉලක්කය වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊයේ එල්ල වූ ප්‍රහාරයේ වගකීම පිළිබඳ කිසිදු සංවිධානයක් මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැතත් බොකෝහරාම් සටන් කණ්ඩායම එම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව බලධාරින් සැක කරයි.

පසුගිය දිනවල එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් නයිජිරියානු වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇත.