ලොරියේ එළුවන් 92ක් - 3ක් මාට්ටු

ලොරියේ එළුවන් 92ක් - 3ක් මාට්ටු

July 6, 2015   03:14 pm



හිංසාකාරි අයුරින් සතුන් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත පුද්ගලයින් තිදෙනෙකු  අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී සැකකටයුතු ලොරි රථයක් නවත්වා පරික්ෂා කළ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එළුවන් 92ක් අදාළ ලොරියෙන් එම අවස්ථාවේ ප්‍රවාහනය කරමින් සිට ඇත.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ සිට පුත්තලම බලා එම එළුවන් රැගනයමින් තිබූ බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.