කැෆේට මැතිවරණ පැමිණිලි 12ක්
July 6, 2015 03:10 pm
මහ මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 12 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි.
මෙවර මහ මැතිවරණය ප්රකාශයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්රකාශ කළේය.
දේපළ අලාභහානී කිරීම් සහ පහරදීම් වැඩි ප්රමාණයක් ඊට ඇතුළත් බව කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේය.
කැෆේ සංවිධානයට ලැබුණු පැමිණිලි අතර එක් පුද්ගල ඝාතනයක් ද වේ.
මේ අතර පැෆ්රල් සංවිධානයට මේ දක්වා කාලය තුළ පැමිණිලි 08 ක් ලැබී ඇති බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.