අස්ගිරි නාහිමියන්ට සන්නස්පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය ඇරඹේ

අස්ගිරි නාහිමියන්ට සන්නස්පත්‍රය පිරිනැමීමේ රාජ්‍ය උත්සවය ඇරඹේ

July 6, 2015   03:07 pm



අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහනාහිමියන්ට එම පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රධාන කිරීමේ රාජ්‍ය උත්සවය දැන් පැවැත්වෙයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මීට සුළු වේලාවකට පෙර උත්සවය ආරම්භ වුණි.

මහා සංඝරත්නයේ මූලිකත්වයෙක් පැවැත්වෙන එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවී සිටිති.