රැකියා ලාභී උපාධිධාරීන්ගෙන් මානව හිමිකම් පෙත්සමක්!

රැකියා ලාභී උපාධිධාරීන්ගෙන් මානව හිමිකම් පෙත්සමක්!

July 6, 2015   12:53 pm



උපාධිධාරින්ට සුදුසු නොවන රාජකාරි පවරමින් රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛවලට එරෙහිව රැකියා ලාභි උපාධිධාරින්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය හා පළාත් සේවාවන්ට අදාළ එම්.එන්. 04 වැටුප් තලය නියෝජනය කරන උපාධිධාරින්ට සුදුසු නොවන රාජකාරි පැවරීම් සම්බන්ධයෙන් උපාධිධාරින් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් අද(06)  උදැසන පැමිණිල්ල ඉදිරිපත් කළ බව  එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.