නාමයෝජනා බාරගැනීමේ කටයුතු ඇරඹෙයි

නාමයෝජනා බාරගැනීමේ කටයුතු ඇරඹෙයි

July 6, 2015   09:48 am

එළඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරගැනිමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ අනුව ලබන 13 වන දින දක්වා එම කටයුතු ක්‍රියාත්මක කරන බව  මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

සෑම දිස්ත්‍රික් කාර්යාලයකටම රාජකාරි වේලාවන් තුළ නාමයෝජනා බාරදීමට හැකියාව පවතියි.

තේරීම් භාර නිලධාරින් විසින් මෙම නාම යෝජනා බාර ගැනිමේ කටයුතු සිදු කරයි.

කෙසේවෙතත් නාම යෝජනා බාරදිමේදී අවසර ලත් පුද්ගලයින් පමණක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ඇතුළු වන ලෙස අපේක්ෂකයින්ගෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

මේ අතර ප්‍රධාන පක්ෂ අවසන් දින කිහිපය තුළ නාමයෝජනා
බාරදිමේ කටයුතු සිදු කිරිමට නියමිතය.

මේ වන විට නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් ගැනීම් කටයුතු සිදු කරන බව  එම පක්ෂ සඳහන් කළේය.

 මේ අතර අද දිනයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේය.