මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට-දෙදෙනෙකුට තුවාලයි

මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට-දෙදෙනෙකුට තුවාලයි

July 6, 2015   05:39 am



මාරවිල - මූදුකටුව ප්‍රදේශයේදී ලොරියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මාරවිල පොලීසිය කියයි.


අද(06)අළුයම 1.10 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ - මුගුණුවටවන පදිංචිව සිටි සකලසූරිය ආරච්චිලාගේ සරත් ඇනස්ලි පෙරේරා (අවු:52) නම් අයෙකි.


තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම්.ඒ.සෝමා පෙරේරා සහ සකලසූරිය ආරච්චිගාගේ සිසිලි ඈන් පෙරේරා නම් දෙදෙනෙකි.

 තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ අනතුරින් මිය ගොස් ඇති අයගේ බිරිඳ සහ දියණිය බවට හදුනා ගෙන ඇති අතර තුවාලකරුවන් මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනතුරට සම්බන්ධ ලොරිය හලාවත දෙස සිට මීගමුව දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ඇති මෝටර් රථය ලොරියේ ඉදිරිපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

අනතුර වළක්වා ගැනීමට ලොරියේ රියදුරු උත්සහ කර ඇති නමුත් ඵලක් වී නොමැති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

 මෝටර් රථය පදවා ඇත්තේ මිය ගොස් ඇති අය විසින් වන අතර ඇතැම් විට ඔහුට නින්ද යාම මෙම අනතුරට හේතුව වන්නට ඇති බවට පොලීසිය විශ්වාස කරයි.

අනතුරට සම්බන්ධ ලොරිය පොලිස් බාරයට ගෙන ඇති අතර  රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.