චන්ද්රිකා නොකළේ මොනවාද?
July 5, 2015 11:43 pm
බණ්ඩාරනායක පවුල මේ රටට නොකළේ හොරකම, වංචාව සහ දූෂණය පමණක් බවත් , චන්ද්රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපතිවරිය ලෙස කළේ මොනවාදැයි අසන පිරිසට තමාට දීමට ඇති පිළිතුර එය බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්රකාශ කළේ අද(05) පස්වරුවේ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේ පැවැති උත්සව සභාව අමතමින්ය.
චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය නායකත්වය දැරූ යුගයේදී පක්ෂය තුළ ඉතා හොඳින් ප්රජාතන්ත්රවාදය රැකුණු බවත්, තීන්දු තීරණ ගැනීමේදී සෑම කෙනෙකුගේම මතයට කන්දීමට එතුමිය නිහතමානී වූවා සේම තමාගෙන් යම් අඩුපාඩුවක් වී නම් පසුව ඒ බව පිළිගෙන එය නිවැරදි කිරීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේය.