සංගරී තනිවම සටනට එයි
July 5, 2015 08:27 pm
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිව තරඟ කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානයේ වත්මන් ප්‍රතිපත්ති සමග එකඟවිය නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි.
දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ජනතාව ගැන නොසිතා ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා මීට පෙර දෙමළ සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර පසුව ඔහු පරාජයට පත්වුණි.
පසුගියවර උතුරු පළාත් සභා මැතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වු ආනන්ද සංගරී මහතා එහිදී ද පරාජයට පත්විය.