අර්ජුන එ.ජා.ප. සමඟ පෙරමුණකින් එන ලකුණු!

අර්ජුන එ.ජා.ප. සමඟ පෙරමුණකින් එන ලකුණු!

July 5, 2015   01:06 pm



ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ  කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.

 දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඒ පිළිබඳව මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවයි.

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට ගෙන ඇති තිරණයත් සමග අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් සන්ධානයෙන් ඉවත්ව වෙනමම පෙරමුණක් යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තිරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

 කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කර ඇති බව  දමිළ ප්‍රගතිශීලි සන්ධානය පවසයි.

එහි නායක මනෝගනේෂන් මහතා සඳහන් කළේ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ දිනවල සිදුකරමින් පවතින බවයි.


මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තමාට නාමයෝජනා නොලැබුණහොත් ඉදිරි මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරග කරන බව මධ්‍යම පලාත් සභා මන්ත්‍රී අසාද් සාලී මහතා පවසයි.