කජුගමදී රිය අනතුරක් - අයෙක් මරුට

කජුගමදී රිය අනතුරක් - අයෙක් මරුට

July 5, 2015   09:32 am



නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 නුවර දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරළීමෙන් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇති බව  පොලීසිය සඳහන් කළේය.

 අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ පස්යාල ප්‍ර දේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 33ක පුද්ගලයෙකි.

 අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.