කටුස්සන් වගේ පාට මාරු කරන කණ්ඩායමක් මැදමුලනේ ඉන්නවා දැක්කා

කටුස්සන් වගේ පාට මාරු කරන කණ්ඩායමක් මැදමුලනේ ඉන්නවා දැක්කා

July 2, 2015   10:11 pm




දූෂිත කුරුමිණි රංචුවක් මැදමුලනට ඊයේ එකතු වී සිටි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, මහමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

කටුස්සන් වගේ පාට මාරු කරන කණ්ඩායමක් මැදමුලනේ සිටිනු දුටු බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ජනවාරී 8 වැනිදා ඇති වූ ශ්‍රේෂ්ඨ විප්ලවය අවසන් වන්නේ අගෝස්තු 17 වැනිදා බවත්,
දිනූ ජයග්‍රහණය ආරක්ෂා කරගැනීමට ප්‍රගතිශීලි ජනතාවට ආරාධනා කරන බවත්, හෙතෙම කියයි.

රත්නපුර තලතා අතුකෝරාළ මහත්මියගේ ආධාරකරුවෙකු පසුගියදා මැතිවරණ බිල්ලක් වූ බවත්, මේ නිසා අලියා යන විනය ගරුක සතා කුලප්පු කර නොගන්නැයි පරාජිත දූෂිතයින්ගෙන් ඉල්ලා සිටින බවත්, ‍ඔහු අවධාරණය කරයි.

මේවන විටඅලියා වටේ සියලුදෙනා එකතුවෙමින් සිටින බවත්, මේ නිසා මෙවර මැතිවරණයේදී එජාපයට විශිෂ්ට ජයක් ලැබෙන බවත්, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.