මහින්දට දෙන්න බෑ!
July 2, 2015 07:55 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබේ.
හිටපු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ මෙම කරුණ සම්බන්ධයෙන් සිය මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර හෙට යමක් ප්‍රකාශ කළ හැකි බව ජනාධිපතිවරයා පැවසු බවයි.
කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීම ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාවේදී ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.