මාරාන්තික උපවාසයක්....

මාරාන්තික උපවාසයක්....

October 17, 2017  

Bookmark and Share
ද්‍රවිඩ ජාතික දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුන් අද(17) යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

තමන් නිදහස් කරන ලෙසට ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරත දේශපාලන සිරකරුවන්ට සහයෝගය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් උපවාසය ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසුවේ රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු ඉටු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා සමඟ ඊයේ(16) සාකච්ජාවක් පැවැත්වූ අතර, එහිදී ආණ්ඩුකාරවරයා පැවසූවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට විශ්වවිද්‍යාල සිසුන් වෙත අවස්ථාවක් ලබාදෙන බවයි.

ආණ්ඩුකාරවයාගේ අදාළ පොරොන්දුව නොතකා විශ්වවිද්‍යාල සිසුන් අද(17) දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මාරාන්තික උපවාසය ආරම්භ කරනු ලැබීය.

උපවාසයට එක්වූ විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරනතෙක් තමන් අඛණ්ඩව උපවාසය පවත්වන බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් 200 ක පමණ පිරිසක් උපවාසයට එක්ව සිටියි.

ඡායාරූ-වවුනියාව - මාධව කුලසූරිය.