ගිනස් යන සාරි පොට...

ගිනස් යන සාරි පොට...

September 22, 2017  

Bookmark and Share
දිගම සාරි පොට සහිත මනාලිය ලෙස ගිනස් වාර්තාවක් තැබීම සඳහා සංවිධානය විවාහ උත්සවයක් ඊයේ (21) මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ සංවිධානය කර තිබිණි.

මෙහිදී පාසැල් නිල ඇඳුමින් සැරසුණු දරුවන් යොදා ගනිමින් කොළඹ - නුවර මාර්ගයේ මඟුල් ඇඳුමේ මනාලියගේ සාරි පොට රැගෙන යාමට සළස්වා තිබේ.

එම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වූ සරත් ඒකනායක මහතාද සහභාගී වූ බව වාර්තා වේ.

මෙම විවාහය හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබූ අතර එය පාලනය කිරීම සඳහා පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් යොදවා තිබිණි.

මෙම සාරිය සැතපුම් 3ක් පමණ දිගින් යුක්ත වූ අතර තවමත් එය ගිනස් වාර්තාවක්දැයි නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.