තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගවෙයි

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගවෙයි

May 29, 2015   11:16 pm

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසුරිය මහතා විසින් කරන ලද කාර්යභාර්ය අගයමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයෙන් පිරිනමන ලද සම්මානය සමග ලැබුණු  ඇමරිකානු ඩොලර් පන්දහසක මුදල දැනට වසර 05 කට පෙර අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත පරිත්‍යාග කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 29) පස්වරුවේ කොළඹ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් අදාළ චෙක්පත ජනාධිපතිවරයා  වෙත බාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට පිළිගැන්වීය.

මේ අතර නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා විසින් ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ ලියන ලද ග්‍රන්ථ කිහිපයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විමද මෙහිදී සිදුවිය.