අඩ අඳුරේ...

අඩ අඳුරේ...

September 19, 2017  

Bookmark and Share
විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයට හා කාසල්රි ජලාශයට ඉතා ආසන්නව පිහිටි හැටන් කාසල්රි වත්තේ වතු කම්කරු නිවාස පන්සියකට ආසන්න ප‍්‍රමාණයකට දින තුනක් තිස්සේ විදුලිය විසන්ධී වී ඔහුන් අඳුරේ සිටින බවට එම වතු කම්කරුවන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් විදුලි බලමණ්ඩලයට අවස්ථා කිහිපයකදී පැමිණිලි කළද මේ දිනවල විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් දින හතක් තිස්සේ සිදුකරන වැඩ වර්ජනයක් හේතුවෙන් තමන්ට විදුලි බලය යළි ලබා දීමට කටයුතු නොකළ බව එම වතු කම්කරු විදුලි පාරිභෝගිකයන් චෝදනා කරයි.

මේ දිනවල මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට වරින් වර ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විදුලිය නොමැතිව තමන් දැඩි අසීරුතාවයකට පත්වී ඇති බවද එම විදුලි පාරිභෝගිකයන් වැඩි දුරටත් කියා සිටියි.

ඡායාරූ-හැටන් රංජිත් රාජපක්‍ෂ