ශෂී අද බැහැයි කියලා
May 28, 2015 11:16 am
තමන්ට අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය දැනුම්දී ඇති බව පොලීසිය කියයි.
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට අද පෙරවරු 9ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට දැනුම්දී තිබිණ.
කෙසේ වෙතත් තමන්ට අද දිනයේ පැමිණීමට නොහැකි බවත්, වෙනත් දිනයක් ඒ සඳහා ලබාදෙන ලෙසත් ඇය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම්දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
එසේ වුවද ඇයට වෙනත් දිනයක් ගැන මෙතෙක් දැනුම්දීමක් කර ඇති වග දැන ගන්නට නැතැයිද ඒම ඒකකය කියා සිටියේය.