කෝටියක මැණික් සමග ව්‍යාපාරිකයා  මාට්ටු

කෝටියක මැණික් සමග ව්‍යාපාරිකයා මාට්ටු

May 28, 2015   10:27 am



රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට පැමිණි පුද්ගලයෙක් අද අළුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේය.

සැකකරුගේ ඉණ ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මැණික් ගල් 105 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචි 42හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ගුවන් තොටුපළ රේගුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.