සරසවි අයදුම් බාර ගැනීම හෙටින් අවසන්

සරසවි අයදුම් බාර ගැනීම හෙටින් අවසන්

May 28, 2015   09:13 am



2014 - 2015 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම හෙට දිනයෙන් අවසන් වෙයි.

පසුගිය හත් වන දින නව අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් බාරගැනීමේ කටයුතු ආරම්භ වුණි.

පළමුවරට මෙවර අන්තර්ජාලය ඔස්සේද සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.

එයටද යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව සභාපතිවරයා පැවසුවේය.

අයදුම්පත් භාරගැනීමෙන් අනතුරුව සිසුන්ට අදාළ විශ්ව විද්‍යාල සහ උපාධි පාඨමාලා තේරීමේ කටයුතු සිදුකරන බව මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.

 නව අධ්‍යයන වර්ෂය සඳහා සැප්තැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට සැලසුම් කර තිබේ.