නීතිය හා සාමය රකින්න ඇමතිට බැරිවෙලා
May 27, 2015 08:13 pm
නීතිය හා සාමය රැකීමට වත්මන් විෂයභාර අමාත්‍යවරයාට ශක්තියක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
යාපනය ප්‍රදේශයේ දැරියක් දූෂණය කිරීමේ සිද්ධියත් සමග දරුණු ඝණයේ සිදුවීම් වාර්තා වුයේ මේ හේතුවෙන් බව ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම අද මේ බව පැවසීය.
උතුරේ මහ ඇමතිවරයා පහන් පත්තු කළාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව හෙතෙම පෙන්වාදුන්නේය.
කවර ස්ථානයක වුවද නීතිය ක්‍රියාත්මක විය යුතු බව පැවසූ සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා යාපනයේ පාසල් සිසුවියක දූෂණය කිරීමේ සිද්ධියේදී හිටපු ජනාධිපතිවරයාට ද ඇතැමුන් චෝදනා නඟන බව පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයා රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම නුරුස්සන පිරිස් මෙවැනි ප්‍රකාශ කරන බවද ඔහු කියා සිටියේය.