මුල්ලේරියාවේදී ගිනි අවි හා ආයුධ සමග 4ක් අත්අඩංගුවට

මුල්ලේරියාවේදී ගිනි අවි හා ආයුධ සමග 4ක් අත්අඩංගුවට

May 27, 2015   07:58 pm



මුල්ලේරියාව ප්‍රදේශයේ දී ටී - 56 ගිනි අවියක්, පිස්තෝලයක්, පතරොම් කිහිපයක් සහ කඩු දෙකක් ළඟ තබාගත් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.