විනයගරුක රියදුරන් සොයා...
September 18, 2017
නීතිගරුක හා විනයගරුක රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.ඒ අනුව සති කිහිපයක් පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර හඳුනාගත් රියදුරන්ට ප්රශංසනාත්මක ස්ටිකරයක් සහ ත්‍යාග ලබාදීම සිදු කරයි.
ඡායාරූ-සංජීව ලසන්ත
ඡායාරූ-සංජීව ලසන්ත