ඌරුබොක්කේ සිසුවෙක් නිවසේදී  වැලලාගනියි

ඌරුබොක්කේ සිසුවෙක් නිවසේදී වැලලාගනියි

May 27, 2015   04:24 pm


ඌරුබොක්ක ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අද පෙරවරුවේ එම සිසුවා තම නිවස තුළ දී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

 මියගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

 සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.