චීන - ශ්‍රී ලංකා සබඳතා බිඳවැටී නෑ!

චීන - ශ්‍රී ලංකා සබඳතා බිඳවැටී නෑ!

May 27, 2015   04:18 pm

චීනය සමඟ පවතින සබඳතා පළුදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂනී කොලොන්න මහත්මිය සඳහන් කළාය.

චීනය මහඟ පැවති සම්බඳතා පළුදු වී ඇති බවට විපක්ෂය චෝදනා එල්ල කරන බව එම මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදීන් නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

එසේම පසුගිය දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් චීනයේ සංචාරය කළ බවත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිසට උණූසුම් පිළිගැනීමක් ලැබුණු බවත් මාධ්‍ය ප්‍රකාශකවරිය එම අවස්ථාවේදී සඳහන් කළාය.


ශ්‍රී ලංකාව ලෝකයේ කිසිදු රටක් සමඟ පස මිතුරු නොවන බවත්, මධ්‍යස්ථ ලෙස කටයුතු කරන බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය.