ටිරාන් අලස් අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ කළ යුතුයි

ටිරාන් අලස් අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ කළ යුතුයි

May 27, 2015   01:18 pm


පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාව  අත්අඩංගුවට නොගෙන ඊට අදාළ පරීක්ෂණ කටයුතු කරගෙන යන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නියෝග කර තිබේ.
 
තමාව අත්අඩංවට ගැනීමෙන් වලකන ලෙස පසුගිය දින ටිරාන් අලස් මහතා විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
 
ඒ අනුව අද දිනයේ අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම කැඳවා තිබු අතර   එළඹෙන මස 11 වන දින නැවත කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද දෙරණට පැවසුවේය.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.