අවුරුදු එකහමාරක දරුවා දුම්රියේ හැපී මරුට

අවුරුදු එකහමාරක දරුවා දුම්රියේ හැපී මරුට

May 23, 2015   08:39 pm



හලාවත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

ඊයේ සවස වෙන්නප්පුව - සිරිගම්පල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - සිරිගම්පල, උදාසිරිගම පදිංචිව සිටි උඩුගමගේ අෂේන් කුසල් (අවු:1 ½) නම්වූ පිරිමි දරුවෙකි.

මිය ගොස් ඇති දරුවා තම මව සමග දුම්රිය මාර්ගය අයිනේ සිට ඇත. එම අවස්ථාවේදී හලාවත දෙස සිට කොළඹ දෙසට භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් ධාවනය වී ඇත.

තම අත අල්ලාගෙන සිටි දරුවාව එක් වරම ගිලිහී දුම්රියේ ගැටී විසිවූ බව සිද්ධිය ඇසින් දුටු මව පවසා ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දරුවාව එම අවස්ථාවේදීම ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

නමුත් ඒ වන විටත් දරුවා මිය ගොස් තිබී ඇත.