බ්‍රැඩ්බි ශූරතාව රාජකීයන්ට
May 23, 2015 07:05 pm
බ්‍රැඩ්බි පළිහ 71 වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.
ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 49ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමිනි.
ඒ අනූව සමස්ත තරඟාවලිය ලකුණු 72ට 22ක් ලෙස සටහන් විය.
මෙම තරගය අද (23 දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක් ලෙස තියුණු ජයක් ලැබීමට රාජකීය විදුහල සමත් විය.
අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙකේම වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමිවේ.
ඒ අනූව එක් ලකුණක වාසියක් සමග රාජකීය විදුහල අද සටනට පිවිසි අතර අද තරගයේදී ත්‍රිත්ව විදුහලට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.