මැතිවරණයෙන් පසු තුන්වන ජනරජ ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කරනවා

මැතිවරණයෙන් පසු තුන්වන ජනරජ ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කරනවා

May 23, 2015   06:17 pm

ඉදිරි මහමැතිවරණයෙන් අනතුරුව තුන් වන ජනරජ ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

නව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ද මෙය ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය   එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.