වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න

May 23, 2015   03:48 pm

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද හේරත් මහතා අද(23)  පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම ඉල්ලීම කර ඇත.

ත්‍රීකුණාමලය,  තෝප්පූර් රෝහලේ වෛද්‍යවරයෙකුට ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ඊයේ(22)  අළුයම මුහුණු ආවරණය කරගනිමින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෛද්‍යවරයාට පහරදී ඇති අතර බරපතළ  තුවාළ ලැබූ වෛද්‍යවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.