කොළඹ - මාතර මගී බස් රථයක් ගිනි ගෙන විනාශවෙයි

කොළඹ - මාතර මගී බස් රථයක් ගිනි ගෙන විනාශවෙයි

May 23, 2015   02:47 pm

(ඡායා රූ - අමිල මධුශංක)

කොළඹ සිට මාතර බලා ගමන්ගත්  පෞද්ගලික බස් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ගාල්ල සමුද්‍ර මාවත ප්‍රදේශයේදී අද(23) පස්වරුවේ  අදාළ සිදුවීම සිදුවී ඇති බව අප වාර්තාකරු සඳහන් ක‍ළේය.

බස් රථය තුළ ගින්න හටගන්නා අවස්ථාවේදී මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර එම  අවස්ථාවේදී මගීන්   බස් රථයේ පිටුපස දොරීන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

ගින්න හේතුවෙන් ‍කිසිදු පුද්ගලයෙකුට හානීයක් සිදුවී නොමැති බවත්, ගාල්ල නගර සභාවේ  ගිනි නිවීමේ එ්කකය සහ නාවික හමුදා ගිනි නිවීමේ එ්කකය විසින් ගින්න මැඩපැවැත්වීමට උත්සහ කර ඇති බවත් වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී  නොමැත අතර ගාල්ල පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරයි.