අභිරහස් මළ සිරුරක්  මතුවෙයි

අභිරහස් මළ සිරුරක් මතුවෙයි

May 23, 2015   01:58 pm

හලාවත,  කරවිටාගාර වැවට ජලය ගෙන යන ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

අද පෙරවරුවේ අදාළ මළ සිරුර හමුවී ඇති බව  පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයා නැගෙනහිර , කරවිටාගාර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

මළ සිරුර අසළ තිබී ඔහු ගමන් කළ බවට සැළකෙන පාපැදියද සොයාගෙන ඇතැයි සඳහන්ය.

මියගිය පුද්ගලයාගේ හිසේ තුවාළයක් දක්නට ඇති අතර වෙනත් කිසිඳු සලකුණක් දක්නට නොමැති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.