පතන උමං මග විවෘත කරයි

පතන උමං මග විවෘත කරයි

May 23, 2015   12:32 pm




හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පතන ප්‍රදේශයේ අලුතින් ඉදිකරණ ලද උමං මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අදාළ උමං මාර්ගය ඊයේ සිට වාහන ගමනාගමනය සඳහා විවෘත කළ බවයි.

කොළඹ , බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට පහලින් කළු ගලක් විද ඉදිකරණ ලද මෙම උමං මාරගයේ උස මීටර 30 ක් වන අතර පළල මීටර 20 ක් වෙයි.

පැරණි උමං මාර්ගය ඔස්සේ කන්ටේනර් වැනි විශාල වාහන නුවර එළිය දක්වා ධාවනය කිරීමට නොහැකි වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම නව උමං මාර්ගයේ ඉදි කිරීම් ආරම්භ කර තිබුණි.