ජයලලිතා යළි දිවුරයි

ජයලලිතා යළි දිවුරයි

May 23, 2015   11:24 am

ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමතිවරිය ලෙස නැවත වරක් දිවුරුම් දී තිබේ.


තමිල්නාඩු ආණ්ඩුකාර කේ.රෝසයියා විසින් හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මියට යළි ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආරාධනා කර තිබු අතර ඒ අනුව ඇය අද යළිත් දිවුරුම් දී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

දූෂණ චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිටි ඇය මාස ගණනාවකට පසුව පසුගියදා නිදහස් විය.

අධිකරණය විසින් ඇය  වරදකරු බවට පත්කිරීමෙන් පසු හිස්වූ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධූරයට ඒ.ඩී.එම්. කේ.නියෝජනය කරමින්  පන්නීර් සේලවම් මහතා පත්වූ අතර  හෙතෙම ඊයේ(22)ඉල්ලා අස්වී තිබුණි.

පන්නීර්සෙල්වම් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඉකුත් සැප්තැම්බරයේ 29 දා හෙවත් ජයලලිතා ජයරාම් මිය වරදකරු බවට පත්වී දින දෙකකට පසුවය.