ඉන්දීය දැලේ සිටී ලාංකික ධීවරයින් 16ක් නිදහස්

ඉන්දීය දැලේ සිටී ලාංකික ධීවරයින් 16ක් නිදහස්

May 23, 2015   10:17 am

ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් වසින් මෙරටට බාරදී තිබේ.

අද උදෑසන 7.00 ට පමණ කන්කසන්තුරේ උතුරු මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයන් මෙරට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාස වල මුහුදු ගොස් ඉන්දීය අත්අඩංගුවට පත්වූ ධීවරයින් පිරිසක් මෙලෙස නිදහස ලබා  ඇතැයි සඳහන්ය.
 
ඔවුන් ත්‍රීකුණාමලය හලාවත සහ දෙවුන්දර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව  ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ ධීවරයන් මේ වන විට උතුරු පළාත් සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා වෙත බාරදීමට පියවර ගෙන තිබේ.