විදුලිසැර වැදී අයෙක් මරු‍ට

විදුලිසැර වැදී අයෙක් මරු‍ට

May 23, 2015   09:35 am

අයගම, උඩුගල ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ.

අධි පිඩන විදුලි ජල පොම්පයක් අධාරයෙන් ලොරි රථයක් සෝදමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හට විදුලි සැර වැදී ඇති අතර අසාධ්‍යය තත්ත්වයේ පසු වු ඔවුන් දෙදෙනා  අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තාවෙයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වූ මදනගොඩ, අයගම ලිපිනයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.