ජයන්තිපුරදී  2ක් මරුට

ජයන්තිපුරදී 2ක් මරුට

May 22, 2015   10:19 am




පොළොන්නරුව, මරදන්කඩවල - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර ප්‍රදේශයේදී  සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

යුධ හමුදාවට අයත් ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරෙන් මොටර් රථයේ ගමන්ගත් කාන්තාවක  ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.