කල්මුණේ කඩ 12ක් ගින්නට බිලි

කල්මුණේ කඩ 12ක් ගින්නට බිලි

April 27, 2015   10:13 pm




කල්මුණේ පොදු වෙළඳසැලේ ඇති වූ හදිසි ගින්නකින් වෙළඳසැල් 12 ක් පමණ ගිනිගෙන විනාශ වී තිබේ.

අද පස්වරු  3.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

එහිදී  ව්‍යාපාරිකයින් සහ අවට ජනතාව මෙන්ම කල්මුණේ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවීමට පියවර ගෙන තිබේ.

මෙම ගින්න ඇතිවීමට හේතුව  මෙතෙක් සොයාගෙන නැති අතර ගින්න විදුලි කාන්දුවක් ඊට හේතුවිය හැකි බව සැකකරයි.

1982 වර්ෂයේ මෙම කඩ කාමර විවෘත කර ඇති  අතර එදා සිට අද වනතුරු මෙම වෙළඳසෑල් නගර සභාව මගින් නඩත්තු නොකළ බව ව්‍යාපාරිකයින් චෝදනා කරයි.

කෙසේ වුවද මේ පිළිබඳ කල්මුණේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.