අයිතිය හිමිවීම...

අයිතිය හිමිවීම...

August 16, 2017  

Bookmark and Share
යුද හමුදාවන් සතුව පැවති කිලිනොච්චිය,කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 38 ක් නැවත සිවිල් ජනතාව වෙත පැවරීම ඊයේ(15) සිදුකරනු ලැබීය.

පැවති ආරක්ෂක තත්ත්වය හමුවේ යුද හමුදා කඳවුරක් වෙත පවරාගෙන තිබු අදාළ ඉඩම් කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමෛනායගම් මහතා වෙත නැවත පැවරීම කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කර ඇත.

කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ඉඩම් අක්කර 38 ක් පසුගිය සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගෙන තිබු අතර,අදාළ ඉඩම් නැවත සිවිල් ජනතාව වෙත බෙදාදීම උදෙසා දිස්ත‍්‍රික් ලේකම් වෙත පැවරිණි.

කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම්වරයා එහිදි පැවසූවේ ආරක්ෂක අංශ සතු වු කිලිනොච්චිය සිවිල් වැසියන්ගේ ඉඩම් සුළු ප‍්‍රමාණයක් හැරෙන්නට අනෙකුත් ඉඩම් නැවත සිවිල් ජනතාව වෙත පවරා ඇති බවයි.

අවස්ථාව වෙනුවෙන් කිලිනොච්චිය යුද හමුදා නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියේය.

ඡායාරූප - මාධව කුලසූරිය