බම්බලපිටියේ පාසලකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

බම්බලපිටියේ පාසලකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

April 19, 2015   08:34 pm


බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ගබඩා කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් අද පස්වරුවේ සොයා ගෙන තිබේ.
 
එම පාසලේම සනීපාරක්ෂක සේවිකාවක් ලෙස කටයුතු කර ඇති කාන්තාවකගේ මළ සිරුර මෙසේ හමුවී ඇති බව පොලීසිය පැවසුවේය.

මළ සිරුරේ මුහුණ ප්‍රදේශයෙහි තැලීම් සලකුණු ද දක්නට ඇති බවත්, අදාළ තැනැත්තියගේ වයස අවුරුදු 44ක් පමණ වන බවත් පොලීසිය සඳහන් කළේය.