බීමත් රියදුරන් 1815ක් පොලිස් දැලේ

බීමත් රියදුරන් 1815ක් පොලිස් දැලේ

April 19, 2015   05:29 pm

දින 8 ක් තුළ බීමත් යතුරු පැදිකරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සඳහා පසුගිය 11 වනදා සිට පොලිසිය දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් දියත්කරනු  ලැබුණි.
 
ඒ අනුව මේ දක්වා යතුරු පැදිකරුවන් 996 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මූලස්ථානය පවසයි.

අදාළ මෙහෙයුමේදී මේ දක්වා බීමත් රියදුරන් 1815 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර ත්‍රී රෝදරථ රියදුරන් 645 දෙනෙකු ද වන බව  පොලිසිය සඳහන් කළේය.

අද පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 205කි.