මහින්ද සහ ගෝඨා අල්ලස් කොමිසමට කැඳවති

මහින්ද සහ ගෝඨා අල්ලස් කොමිසමට කැඳවති

April 19, 2015   05:21 pm

අල්ලස්  කොමිසම වෙත පෙනී සිටින ලෙස  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දීමක් කර තිබේ.

එළඹෙන 24 වන දින එම කොමිසම මගින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට එ.ජා.ප. ලේකම් ධූරයේ සිටි තිස්ස අත්තනායක මහතාට අල්ලස් ලබාදීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මෙලෙස එම කොමිසම හමුවට කැඳවීමට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඇවන්ගාර්ඩ් සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සේවය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති බව  දේශපාලන ආරංචි කියා සිටියේය.