බැඳුම්කර සිද්ධියට මහ බැංකු අධිපති සෘජුව දායක වී නැතිලු!

බැඳුම්කර සිද්ධියට මහ බැංකු අධිපති සෘජුව දායක වී නැතිලු!

April 19, 2015   03:55 pm

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා  ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.


ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ.

එම වාර්තාවට අනුව වසර 30ක් සඳහා වන බැඳුම්කර නිකුතුවේ ලන්සු  භාර ගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා කිසිදු ඍජු දායකත්වයක් දක්වා නොමැති බව පෙන්වා දී ඇත.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 2 වන දා රුපියල් බිලියන 13.55ක් රජයේ මූල්‍ය අවශ්‍යතා ලෙස දක්වා ඇති බවද එම වාර්තාවේ සඳහන්ය.

ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් යොමු කරන ලද මාධ්‍ය නිවේදනය පහත පරිදිවෙයි.