පේරාදෙණියේ අචාර්යවරු අප්‍රසාදයෙන්!

පේරාදෙණියේ අචාර්යවරු අප්‍රසාදයෙන්!

April 19, 2015   03:38 pm

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දින දෙකක කාලයක් සඳහා අත්හිටුවිම පිළිබඳව එම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය අප්‍රසාදය පළ කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට නියමිත උත්සවයක් හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින නිවාඩු දින ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් අධ්‍යයන කාල සටහන හා සම්බන්ධ තීරණ ගැනිමේ වගකිම උසුලන පීඨ මණ්ඩල වලින් හෝ සනාතන සභාවෙන් විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනිම වගකීම් විරහිත ක්‍රියාවක් බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටමංකර එහි පැමිණෙන ලෙස ආරාධනා කිරිම  ජනාධිපතිවරයාටද සිදුකරනු ලබන අවමානයක් ලෙස සැලකිය හැකි බව ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
 
මෙවැනි අදූරදර්ශි තීරණ හේතුවෙන් ඇතිවිය හැකි සියළු අනිසි ප්‍රතිඵලයන්හි වගකිම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් බාරගත යුතු බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.