මගී යාත්‍රාවක් අනතුරකට පත්වෙයි - පුද්ගලයින් 700ක් ඉඳලා
සයුරෙන් එතෙර

මගී යාත්‍රාවක් අනතුරකට පත්වෙයි - පුද්ගලයින් 700ක් ඉඳලා

April 19, 2015   03:03 pm


සංක්‍රමණිකයින් 700කට අධික පිරිසක් ගමන්ගත් යාත්‍රාවක් මධ්‍යධරණි මුහුදේදී අනතුරට ලක්ව තිබේ.

අනතුරෙන් පුද්ගලයින් 28 දෙනෙකු පමණ මේ වනවිට බේරාගැනිමට හැකිව ඇති බව  ඉතාලි බලධාරින් පවසයි.

අනතුරට ලක්වු යාත්‍රාවේ සිටි බොහෝ පිරිසක් මිය යන්නට ඇති බවට  බලධාරින් සැක පළ කරයි.

අනතුරට ලක්වුවන් බේරාගැනිම සඳහා ඉතාලිය සහ මෝල්ටාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඒ අනුව නෞකා 20ක් සහ හෙලිකොප්ටර් යානා 3ක් අනතුර සිදුවු ස්ථානයට යොමු කර ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.