බඩුත් එක්ක හොරු ඉන්දියාවේදීම මාට්ටු

බඩුත් එක්ක හොරු ඉන්දියාවේදීම මාට්ටු

April 19, 2015   02:16 pm




ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා ජාවාරම් කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා කිලෝග්‍රෑම් 142ක් සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

රාමේශ්වරම් තංගච්චිමඩම් ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් විසින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට මෙම ගංජා තොගය රැගෙන යාමට උත්සහ දරා ඇති බව  සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.