හිටපු ජනපති කිරිවෙහෙර වැඳපුදා ගනියි

හිටපු ජනපති කිරිවෙහෙර වැඳපුදා ගනියි

April 19, 2015   09:52 am


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිමේ විශේෂ ආගමික වතාවත්වලට සහභාගී වී තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී කතරගම කිරිවෙහෙර වැඳපුදාගැනීමෙන් පසු අෂ්ඨඵල බෝධිය ඉදිරියේ බෝධි පූජා පිංකමකට සහභාගී වු බවයි.

කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද හිමි සහ කතරගම අභිනව විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි එහිදි ආගමික වතාවත් සිදුකර ති‍බේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කතරගම මහා දේවාලය ද වැඳපුදාගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.