උතුරු මාර්ගයට වඩා දකුණු මගට වැඩි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ නෑ
April 18, 2015 04:19 pm
දකුණු දුම්රිය මාර්ගය ඉදිකිරිමේදී උතුරු දුම්රිය මාර්ගයට වඩා වැඩි ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර ඇති බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
චීන වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පසුගියදා වර්තමාන රජයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.
දකුණු දුම්රිය මාර්ගය ඉදිකිරිම සම්බන්ධයෙන් පසුගිය රජය සමඟ ඇතිකරගත් ගිවිසුම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවද චීන වාණිජ මණ්ඩලය පවසයි.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරිම සඳහා අදාළ මාර්ගය සහ අනෙකුත් පහසුකම් තිබු අතර දකුණු දුම්රිය මාර්ගය අලුතින්ම ඉදිකළ යුතුව පවතින බව චීන වාණිජ මණ්ඩලය සඳහන් කළේය.
මේ සඳහා විශාල වියදමක් සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කර තිබේ.
දකුණු දුම්රිය මාර්ගය සඳහා බෝක්කු 47ක්, ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක්, උප දුම්රිය ස්ථාන 2ක් සහ උමං 2ක්ද අලුතින් ඉදිකළ යුතුව පවතින බව චීන වාණිජ මණ්ඩලය සඳහන් කර ඇත.
අදාළ ව්‍යාපෘති යෝජනාව පසුගිය රජයේ ප්‍රවාහන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් අවම වියදමක් සහිත තම ආයතනය වෙත එම ඉදිකිරිම් කටයුතු පැවරූ බවද ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.