හොර පාරෙන් පකිස්ථානයේ සිටි ලාංකිකයෙක් කොටුවෙයි

හොර පාරෙන් පකිස්ථානයේ සිටි ලාංකිකයෙක් කොටුවෙයි

April 18, 2015   04:08 pm

නීති විරෝධි ලෙස පකිස්ථානය තුළ රැඳී  සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු පිරිසක් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඉරිදා සිට මේ දක්වා ප්‍රෙශාවර් පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදි නීති විරෝධි ආකාරයෙන් රැඳී සිටි පුද්ගලයින් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මින් එක් පුද්ගලයෙකු ශ්‍රී ලාංකිකයෙකු බව  පොලිසිය සඳහන් කළේය.

මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරින් 700 දෙනෙකු පමණ එක්ව සිටි බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේය.