ගතවු පැය 24ක කාලය තුළ  සූර් රියදුරන් 213ක් මාට්ටු

ගතවු පැය 24ක කාලය තුළ සූර් රියදුරන් 213ක් මාට්ටු

April 18, 2015   02:45 pm

ගතවු පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට සිදුකළ විශේෂ මෙහෙයුමේදී රියදුරන් 200 කට වැඩි පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.

උත්සව සමය නිමිත්තෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සඳහා පසුගිය 11 වනදා සිට පොලිසිය දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් දියත්කරනු  ලැබුණි.

ඒ අනුව ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ බීමත් රියදුරන් 213 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේය.

මෙහිදි යතුරුපැදිකරුවන් 108 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි  පොලිසිය සඳහන් කළේය.

මීට අමතරව ත්‍රි රෝද රථ රියදුරන් 84 දෙනෙකුට එරෙහිවත්, වෑන් රථ රියදුරන් 7 දෙනෙකුට එරෙහිවත්, මොටර් රථ රියදුරන්  8 දෙනෙකුට එරෙහිවත්, ලොරි රථ රියදුරන් 4 දෙනෙකුට එරෙහිවත් මෙහිදි නීතිමය පියවර ගෙන තිබේ.

මේ අතර පසුගිය 11 වනදා සිට මේ දක්වා කාලය තුළ බීමත් රියදුරන් 1610 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.